මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බක්මහ උළෙල 25දා

    අප්‍රේල් 23, 2014

    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය 05 වන වරටත් සංවිධානය කරන ලද බක්මහ උළෙල ලබන 25 දින පෙ.ව. 8.00 සිට දවස පුරා මාතලේ එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බක්මහ උළෙල පැවැත්වෙන අතර ගම හරහා දිවීම, කොට්ට පොර, කණාමුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, ජන ගායනා, අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම ඇතුළු අවුරුදු ක්‍රීඩා 26කින් බක්මහ උළෙල වර්ණවත් වේ. ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමටද සංවිධායක මඩුල්ල කටයුතු යොදා ඇත.

     

    NDH/GNK/ISB_dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya