30 වසරක කුරිරු යුද්ධය හා කොටි ත‍්‍රස්තවාදය හමුවේ උතුරු මැද ගම් නියම් ගම්වල පෙරපාසල් අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ නොදී පෙරපාසල් 1281ක පෙරපාසල් ගුරුවරියන් 2046 දෙනෙකු ඇතුළු දරුවන් 35,000කට උතුරු මැද පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය මඟින් සිව් වැදෑරුම් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම කි‍්‍රයාත්මක කරනු ඇත.
පෙරපාසල් අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක පවත්නා විදේශීය රටවල ආයතන සමඟ සබඳතා වර්ධනය කර ගැනීම ද මේ මඟින් අවස්ථාව සැලසේ.
මේ සඳහා ජනාධිපති ජාතික පෝෂණ ලේකම් කාර්යාලය, මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ජපානයේ "කොනෝ යුබී" ජාත්‍යන්තර සංවිධානයේ ද සහය ලැබෙන බව උතුරු මැද පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ පාලන අධ්‍යක්ෂ ජයලත් ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළේය.
NDH