අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් පවුලකට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නිවසක්

    අප්‍රේල් 23, 2014

    අධිකරණ අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවයේ යෙදී සිටියදී හදිසි රිය අනතුරකින් මිය ගිය කෑගල්ල වරකාපොළ පදිංචි ඩබ්ලිව්.ආර්. චම්පික රවීන්ද්‍ර බණ්ඩාර මහතාගේ බිරිඳ හා දරු තිදෙනාට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යමණ්ඩලය මඟින් ඉදිකරමින් පවතින නිව‍සේ ඉදිරි කටයුතු සඳහා මුල්‍යමය ආධාරයක් ලබා දීමට පසුගියදා  කටයුතු කරනු ලැබීය.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත. පී වනිගසිංහ මහතා විසින් චම්පික මහතාගේ බිරිඳ වූ ටී.ඒ. සුසීමා කුමාරි මහත්මිය වෙත එම මුල්‍යාධාරය  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පිරිනමනු ලැබීය.

    මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය හා කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් නදීර ලක්මාල් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ හා කාර්යාලයේ නවක සංවර්ධන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සංවිධානය කෙරිණි.

    නව උපාධිධාරී පත්වීම් යටතේ අධිකරණ අමාත්‍යංශයේ සේවයේ යෙදී සිටි චම්පික මහතා මිය යන විට තිස් නම වන වියේ පසුවිය.
     

    ECB/ LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya