අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝග පාලනයට නව වැඩපිළිවෙළක්

    අප්‍රේල් 22, 2014

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දේශීය සහල් පරිභෝජනයට ජනතාව හුරුකරවීමේ නව වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අරඹා තිබේ.


    ඒ දේශීය වී වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේයි. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 35කි.

     

    මෙහිදී දේශීය වී මිලදීගෙන ඒවා ගොවීන් අතර බෙදා දීම සිදු කෙරේ. ඉන් පසුව එම වී වර්ග බහුලව වගා කිරීම සඳහා උපදෙස් ලබාදෙනු ඇත. වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා උදෑසන ආහරය ‍වශයෙන් දේශීය සහල්වලින් සැකසූ කැඳ ලබාදීමට ද මෙම වැඩසටහනේ දී අපේක්ෂා කරයි. දේශීය සහල් පරිභෝජනය මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම විශේෂයෙන්ම සිදුවන බව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා සඳහන් කළේය.

     

    මේ යට‍තේ දිස්ත්‍රික්කයට ප්‍රමාණවත් තරම් වන වී අනුරාධපුරයෙන් ම සපයාගැනීමට නොහැකි නම් වෙනත් දිස්ත්‍රික්කවලින් දේශීය වී මිලදී ගැනීමටද ප්‍රතිපාදන වෙන්කර තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවති අප්‍රේල් මස දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අමතමින් මහ දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ආහාරභෝග ප්‍රචලිත කිරීම සඳහා අදාළ අංශ කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
     

    ECB/SB_dmu_anuradapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya