අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වසන්ත සැණකෙළිය අති සාර්ථකයි

    අප්‍රේල් 22, 2014

    පසුගිය 01දා ආරම්භ වූ නුවරඑළිය වසන්ත සැණකෙළියෙන් එම ප්‍රදේශයට ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින් මේ වන විට ලක්ෂ 20කට ආසන්න දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් සහභාගි වී ඇති බවත් නුවරඑළිය වසන්ත කාලය තුළ දෛනිකව යන එන සංචාරකයන් සහ නුවරඑළියේ දින කිහිපයක් පුරාවටම ලැගුම් ගන්නා සංචාරකයන් ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළත් වැඩි විය හැකි බවත් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති පැවසීය.


    පාසල් නිවාඩුව මෙන්ම අලුත් අවුරුදු නිවාඩුව සහ යහපත් කාලගුණය මෙම සංචාරක ප්‍රවණතාව ඉතා ඉහළ අගයක් ගැනීමට හේතු වී තිබේ. නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කරන ලද නුවරඑළිය වසන්ත සැණකෙළිය අංගෝපාංග රැසකින් සමන්විත වූවකි. මෙහි පැවති තුරඟ තරග, මෝටර් රථ රැළිය, මල් ප්‍රදර්ශන සහ මල් අලෙවි සැල් බොහෝ සංචාරකයන්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත් වී තිබේ.

     

    එමෙන්ම ග්‍රෙගරි වැව ආසන්නයේ ශ්‍රී ලංකා යුධ හමුදාව සංවිධානය කළ දේශීය ආහාරපාන අලෙවි සැල් කාගේත් සිත්ගත් අංගයක් විය. නගරය පුරා ඉදිකොට ඇති ප්‍රදර්ශන කුටි සහ අලෙවි සැල් දිවා, රාත්‍රී සංචාරකයන් හට විවෘතව ඇති අතර විනෝද උයන් සහ සංගීත සංදර්ශන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා විවෘතව තිබිණි.

     

    නුවරඑළිය වසන්ත සැණකෙළියේ සුවිශේෂී අංගයක් වන විශේෂ මල් ප්‍රදර්ශනයක් ලබන 26 සහ 27 දෙදින තුළ නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතය. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ මල් ප්‍රදර්ශනයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද සහභාගී වනු ඇත.

     

    NDH/SH_dmu_nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya