අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු ප‍්‍රදානය ජනපති ප‍්‍රධානත්වයෙන් ගිරාදුරුකෝට්ටේ දී

    අප්‍රේල් 17, 2014

    ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ තුන්වන අදියර යටතේ මහවැලි කලාපයේ ඉඩම්ලාභීන්ට ඔප්පු ප‍්‍රදානය කිරීම අපේ‍්‍රල් 19 වැනි දා ගිරාඳුරුකෝට්ටේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.


    මෙම වැඩසටහන යටතේ ප‍්‍රදානය කිරීමට නියමිත ඔප්පු සංඛ්‍යාව 45,000කි. මෙහිදී මහවැලි බී කලාපයේ අරලගංවිල, දිඹුලාගල, මනම්පිටිය සහ වැලිකන්ද ගොවිපවුල්වලට හා සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය,  ගිරාඳුරුකෝට්ටේ, මහියංගනය, නව මැදගම, මහවනවෙළ සහ සඳුන්පුර ගොවි පවුල් සඳහා ඔප්පු ප‍්‍රදානය කිරීමට නියමිතය.


    මීට පෙර මහවැලි ජී හා මහවැලි එච් කලාපයේ කලාපයේ වෙසෙන ගොවි පවුල් දෙදහසකට (2000) ඉඩම් ඔප්පු ලබාදීම මහවැලි අධිකාරිය සිදු කර ඇත.


    මේ අවස්ථාවට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතය.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya