අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රේණිගත කිරීමේ නව සැලැස්මක්

    අප්‍රේල් 17, 2014

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රේණිගත කිරීමේ නව සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.


    යෝජිත සැලැස්ම යටතේ එම කාර්යාල ඒ, බී, සී සහ ඩී වශයෙන් ශ්‍රේණිගත කරන අතර දැනටමත් එම කාර්යාල නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.


    සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම රාජකාරී කටයුතු ඉටුකරන අන්දම පිළිබඳව දත්ත රැස්කිරීම රාජ්‍ය පරිපාලන කටයුතු අමාත්‍යාංශයෙන් පත්කරන ලද විමර්ශන නිලධාරීන් මඟින් සිදු කෙරේ.


    කාර්යාල කළමනාකරණය රජය මඟින් අරඹා ඇති සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන අයුරු ඉඩම් ගැටලූ විසඳාලීම, රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම හා ජනතා පැමිණිලිවලට කඩිනමින් විසඳුම් ලබා දීම ආදි කරුණු රැසක් පිළිබඳව විමර්ශනය කිරීම මෙමඟින් සිදු කෙරේ.


    එම නිරීක්ෂණ වාර්තා සලකා බලා අදාළ ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාල වර්ගීකරණය කෙරේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මේ කටයුතු සිදු කෙරෙයි.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya