අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධනයට මිලියන 5663ක්

    අප්‍රේල් 13, 2014

    මේ වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5663ක් වෙන් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2014 අය-වැය මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ලැබුණු ප්‍රතිලාභ සංවර්ධන කටයුතු සඳහා යෙදවිය යුතු ආකාරය පිළිබඳ ව මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් පසුගියදා කුරුණෑගල, මාලිගාපිටියේදී පැවති උත්සවය අමතමිනි.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. එක් එක් ආසනය සඳහා වෙන් කර ඇති මුදල් වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති තෝරා ගැනීමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, මහජන නියෝජිතයන්, හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් වන ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, දිවි නැඟුම සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව තම ප්‍රදේශයේ ප්‍රමුඛතම අවශ්‍යතා හඳුනාගෙන ප්‍රජාමූල සංවිධාන හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස දැන්වීය. මේවා පිළිබඳ පසුවිපරම් කිරීම ද අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරයි. මේ යටතේ දිවි නැඟුමට රුපියල් මිලියන 280ක්, ගම නැඟුමට රුපියල් මිලියන 1610ක්, එක් ගමකට එක් වැඩක් සඳහා රුපියල් මිලියන 606ක්, පළාත් නැඟුම වැඩසටහනට රුපියල් මිලියන 2040ක්, වාරිමාර්ග යෝජනා සඳහා රුපියල් මිලියන 328ක්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 280ක්, පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 84ක්, වනජීවී කටයුතු සඳහා රුපියල් මිලියන 85ක්, විමධ්‍යගත අරමුදල් වෙනුවෙන් රුපියල් මිලියන 75ක් හා මහජන නියෝජිතයන් සඳහා රුපියල් මිලියන 275ක් යනාදී ලෙස මේ මුදල් වෙන් කර තිබේ. ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2014 වසර විවිධ පුද්ගලයන්ගේ අදහස් ලබා ගෙන අයවැය සකස් කර ඇති බවත් අධ්‍යාපන, සෞඛ්‍ය හා ආර්ථික සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙන බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

     

    NDH/dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya