අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර බිහිවීම ප්‍රමාණවත් නැහැ

    අප්‍රේල් 10, 2014

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මුදල් සොයාගැනීම විශාල ගැටලුවක් නොවන බවත් විවිධ බැංකු මඟින් ව්‍යාපාරික ප්‍රජාව සඳහා ණය ලබාදෙන නමුත් ව්‍යාපාර බිහිවීම ප්‍රමාණවත් නොවන බව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පැවසුවේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මාතලේ කාර්යාලය මඟින් දිස්ත්‍රික්කයේ ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නන් උදෙසා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.

    ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව සම්පත් අතින් ලෝකයේ කිසිදු රටකට දෙවෙනි නොවන බව පැවසූ අධ්‍යක්ෂවරයා ලංකාව තුළ විවිධ හැකියාවන් දක්ෂතාවන් තිබෙන පුද්ගලයන් නොඅඩුව වෙසෙන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් නිෂ්පාදන කේෂ්ත්‍රයේ තවදුරටත් හිදැස් තිබෙන බව පැවසූ ජයරත්න මහතා ව්‍යාපාර කිරීම සඳහා දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බවත් උත්සාහය හා විශ්වාසයද අත්‍යවශ්‍ය බව පැවසීය.

    නිෂ්පාදනයක් කිරීමේදී වෙළෙඳපොළ පිළිබඳ ව ව්‍යාපාරික ප්‍රජාවට අවබෝධයක් තිබිය යුතු බවත් තමා දන්නා දෙය නිෂ්පාදනය කිරීමට පෙළඹෙනවාට වඩා වෙළෙඳපොළට අවශ්‍ය දෙය සොයාබලා නිෂ්පාදනය කිරීම වැදගත් වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් දිසානායක, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ජයන්ත ධනපාල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya