අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටුමෙන් බලපෑමට ලක් වූ අයට උපකාර කිරීමට සම්බන්ධීකරණ ප්‍රවේශයක්

    අප්‍රේල් 11, 2014

    උතුරේ හා නැගෙනහිර ගැටුමෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට මනෝ සමාජීය හා මනෝ උපදේශන උපකාර සැලසීම සඳහා සම්බන්ධීකරණ හා පුළුල් ප්‍රවේශයක් හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවෙනු ඇත.


    සහභාගීත්ව අමාත්‍යංශ සමඟින්  පසුගිය 09 වැනිදා පැවති හමුවකදී ජනාධිපති ලේකම් හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ කමිටු සභාපති ලලිත් වීරතුංග මහතා, මනෝ උපදේශන හා මනෝ සමාජීය උපකාරය සැලසීමේදී වැඩි කාර්යක්ෂමතාවක් උදෙසා රජයේ අමාත්‍යංශ විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සියලු වැඩසටහන් සම්බන්ධ කරන සාකල්‍ය හා සම්බන්ධීකරණ ප්‍රවේශයක් සම්මත කරගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.


    කලින් ගැටුම් පැවතී ප්‍රදේශවල වඩාත් පහසුවෙන් බලපෑමට ලක්විය හැකි කණ්ඩායම්වල සමාජ, ආර්ථික හා සමාජීය අවශ්‍යතා ආමන්ත්‍රණය නිර්දේශ හා ක්‍රියාකාරකම් රැසක් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා වන ජාතික ක්‍රියාකාරකම් සැලැස්මෙහි ලැයිස්තු ගත කර ඇත. මෙම කණ්ඩායමට කාන්තා මුලික ගෘහ ඒකක, යුද්ධයෙන් බලපෑමට ලක් වූ ළමුන් හා වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් ඇතුළත් වේ. සමාජ සේවා අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය හා ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් විසින් මෙම ඉලක්ක ගත කණ්ඩායම් සඳහා මනෝ උපදේශන වැඩසටහන්, ජීවනෝපා සංවර්ධන වැඩසටහන් හා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.


    විවිධ අමාත්‍යංශ විසින් දැනට ක්‍රියාත්මක කරන මනෝ සමාජීය උපකාර හා මනෝ උපදේශන වැඩසටහන්, මනෝ උපදේශනය සඳහා ශක්‍යතා වර්ධනය හා සියලු ඉලක්ක කණ්ඩායම් ආවරණය කරමින් උපකාරක සේවා සැලසීමේ යාන්ත්‍රණයක් සකස්කර ගැනීම කෙරෙහි සාකච්ජාවේ දී මුලික අවධානය යොමුවිය.


    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ කමිටුවේ උප සභාපති හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශ ලේකම් ධාරා විජේතිලක, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශ ලේකම් එරික් ඉලයප්පආරච්චි, සමාජ සේවා අමාත්‍යංශ ලේකම් ඉමෙල්ඩා සුකුමාර් යන මහත්ම මහත්මීන් සහ ආර්ථික සංවර්ධන, අධ්‍යාපන, තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශවල නියෝජිතයෝ මෙම සාකච්ජාවට එක්ව සිටියහ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya