අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධනයට කෝටි 268ක්

    අප්‍රේල් 10, 2014

    මේ වසරේ දී කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 268.6ක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2014 අය-වැය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයට ලැබුණු ප්‍රතිලාභ සංවර්ධන කටයුතු සඳහා යෙදවිය යුතු ආකාරය පිළිබඳ ව මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් පසුගියදා කෑගල්ල නාගරික ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.


    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. මෙයට වසර කිහිපයකට පෙර පැවති තත්ත්වය සමඟ සංසන්දනය කිරීමේ දී කෑගල්ල නගරය ශීඝ්‍ර ලෙස සංවර්ධනය වෙලා. විශේෂයෙන් දැයට කිරුළ වැඩසටහනට සමගාමීව කෑගල්ලට අති විශාල මුදලක් ලැබුණා. මේ තුළින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය වේගවත් වුණා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරනවා.


    මේ යටතේ දිවි නැඟුමට රුපියල් ලක්ෂ 1800ක්, ගම නැඟුමට රුපියල් ලක්ෂ 5730ක්, වාරිමාර්ග යෝජනා සඳහා රුපියල් මිලියන 1045ක්, ගොවිජන සේවා සඳහා රුපියල් ලක්ෂ 570ක්, ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2050ක්, නගර සහ පාසල් සංවර්ධනයට රුපියල් ලක්ෂ 540ක් හා අතිරේක පාරිභෝජනට රුපියල් ලක්ෂ 1310ක් යනාදී ලෙස මේ මුදල් වෙන් කර තිබේ. ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 වසර සඳහා ජනතා අය-වැයක් ඉදිරිපත් කර තිබෙන බව ද මෙහි දී අමාත්‍යවරයා පැවසීය.


    මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්, දේශපාලන නායකත්වය හා කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීහු 7000ක් පමණ සහභාගී වූහ.

     

    NDH/dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya