අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතූර් සිංහල මහා විද්‍යාලයට තූර්යවාදක උපකරණ කට්ටලයක්

    අප්‍රේල් 09, 2014

    මුතූර් සිංහල මහා විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායම සඳහා තූර්යවාදක උපකරණ කට්ටලයක් ලබා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා විසින් පසුගියදා රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.


    මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරුණේ පසුගියදා එම විද්‍යාලයේදී පැවති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විතව සියලු ම ජාතීන්ගේ එකමුතුවෙන් මෙම විද්‍යාලය මගින් සංවිධානය කර තිබූ අවුරුදු උත්සවය පවත්වන ලදී.

     

    මෙම අවස්ථාවට මුතූර් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධායක ජෙයිනුදීන් අමීර්, මුතූර් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. විජයානන්ද, මුතූර් සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති රොෂාන් ජගත් කුමාර යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya