මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි 01දා සිට මධ්‍යම පළා‍තේ ඉරිදා සහ පුරපෝය දිනවල උපකාරක පංති තහනම්

    අප්‍රේල් 08, 2014

    ලබන මැයි 01දා සිට මධ්‍යම පළාතේ පෝය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පන්ති සහ පෞද්ගලික පාසල් පැවැත්වීම නතර කිරීමට රෙගුලාසි පනවන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අද (08) මධ්‍යම පළාත් සභාවේ සභා රැස්වීමේදී පැවසීය.


    පසුගිය වසර කිහිපය තුළ විවිධ පාර්ශව විසින් කරනු ලැබූ ඉල්ලීම් සලකා බලා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දොපාර්තමේන්තුව මඟින් සියලුම පළාත් සභාවලින් කළ ඉල්ලීම පරිදි පළාත් සභාව සතු බලතල යටතේ මෙම රෙගුලාසිය පැනවීමට තීරණය කළ බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා මේ මඟින් දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇති බවද පැවසීය.

    ඒ අනුව එ‍ළඹෙන මැයි 01දා සිට ඉරිදා දිනවල පළමු වසරේ සිට 11 වසර දක්වා ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා වූ කාලය තුළ උපකාරක පංති සහ පෞද්ගලික පාසල් පැවැත්වීම තහනම් වනු ඇත. එමෙන්ම මහජනයාට ආගමික වතාවත්වල නියැලීම සඳහා නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති පෝය දිනවල එම රෙගුලාසිය දිනය පුරාම බල පැවැත්වෙනු ඇත.

    මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පළාත් සභාව රැස් විය.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya