අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමට

    අප්‍රේල් 08, 2014
    නැගෙනහිර විශ්වවිද්‍යාලය සාමාන්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස නො ව ජාත්‍යන්තර මට්ටමට අවශ්‍ය ලෙසින් වෙනස් කළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 18වැනි උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
     
    මේ මාසයේ 19 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සියලුම පහසුකම් සහිත මෙම විශ්වවිද්‍යාලයේ නව ගොඩනැගිලි විවෘත වන බවද අමාත්‍යවරයා පැවසීය. 
     
    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මෙන්ම නැගෙනහිර දිස්ත්‍රික්කයේ ද නව සංවර්ධන කටයුතු රැසක් සිදුවෙමින් පවතින බව පෙන්වාදුන් අමාත්‍යවරයා එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් සමඟින් නැගෙනහිර විශ්වවිද්‍යාලයද අලුත් වන බවත් පෙන්වා දුන්නේය.
     
    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 18වැනි උපාධි ප්‍රදානෝත්සවය එහි උප කුලපති ආචාර්ය කිට්නන් ගෝවින්දරාජා මහතාගේ මූලිකත්වයෙන් එම විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya