අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ අත්කම් භාණ්ඩ නිෂ්පාදනයේ දියුණුවක්

    අප්‍රේල් 08, 2014
    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, තල් සංවර්ධන මණ්ඩලය යන ආයතනවල ක්‍රියාකාරීත්වය තුළින් උතුරු පළාතේ හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය විශාල දියුණුවක් ලබමින් පවතින බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි . 
     
    ඒ මඟින් උතුරු පළාතේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
     
    පසුගිය යුද්ධයෙන් පසු කඩා වැටී තිබූ උතුරු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන් අමාත්‍යවරයාගේ විශේෂ උනන්දුව මත මේ වන විට නැවතත් සංවර්ධනය වෙමින් පවතින අතර මේ සඳහා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සමිති සමාගම් රැසක්ද බිහිවෙමින් පවතී. 
     
    ඒ අනුව දැනට ක්‍රියාකාරී සමිතියක් වන උතුරු පළාතේ අත්කම් භාණ්ඩ සංවර්ධන සමිතියට පසුගිය දින අමාත්‍ය දේවානන්දා මහතා විසින් රුපියල් ලක්ෂ 2ක ආධාර මුදලක් ලබා දෙන ලදී. මෙම අවස්ථාවේදී එම සමිතියේ නිලධාරීන් ඇමතූ අමාත්‍යවරයා දැනට මෙම සමිතියේ සංවර්ධනය සඳහා මෙම මුදල ලබාදෙන බවත්, ඉදිරියේදී සමිතිය විසින් ක්‍රියාත්මක කරන සැලසුම් අනුව අවශ්‍ය ආධාර ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ යාපනය දිස්ත්‍රික් අධ්‍යක්ෂක නවදර්ශන් මහතා ද සහභාගී විය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya