ඒ අනුව පොහොර ලබාගත් ගොවීන් ගණන 15792ක් වන බවත්, පොහොර නිකුත් කර ඇති ප්‍රතිශතය 63.7%ක් වන බවත්, පසුගියදා පැවැති කෘෂිකර්ම කමිටු රැස්වීමේදී පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලය පැවසීය.
යුරියා, ටී.එස්.පී, එම්.ඕ.පී. පොහොර දිස්ත්‍රික් අවශ්‍යතාව මෙට්රික් ටොන් 5230 කි. ගොවීන් වෙත එම පොහොර නිකුත් කර ඇති ප්‍රමාණය මෙට්රික් ටොන් 3330කි. ගබඩාවල ඉතුරු තොග තත්ත්වය මෙට්රික් ටොන් 317ක් වන බවත්, එම කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව පුත්තලම දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.
ECB/SJ_dmu_puttalama