අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගබ්සා සඳහා වෛද්‍යවරුන් වෙත එන කාන්තාවන්ගෙන් 99%ක් විවාහකයි

    අප්‍රේල් 08, 2014

    ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම් සඳහා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් කරා පැමිණෙන කාන්තාවන්ගෙන් සියයට අනුනවයක් විවාහක කතුන් බව මහනුවර මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. අබේකෝන් මහතා පවසයි.

    වයස අවුරුදු හතළිහෙන් පමණ පසු ගර්භනීභාවය කෙරෙහි ඇති අනිසි බිය හා පවුලේ වයසින් වැඩි දරුවන් සිටීමත් ආර්ථික ප්‍රශ්නත් මේ සඳහා හේතුපාදක වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මෙවැනි ගැටලුවලට මැදි වූ කාන්තාවන් උපදේශන සේවා සඳහා යොමු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලද හැකි බවද වෛද්‍ය ඩබ්ලිව්. අබේකෝන් මහතා පැවසීය.

    එසේම කාන්තාවන්ට වැළඳෙන්නා වූ කාන්තා රෝග පිළිබඳ පුරුෂයන්ටත් මනා අවබෝධයක් තිබිය යුතු බවත් එමඟින් පවුල් ජීවිතය සාර්ථක‍ කර ගැනීමට හැකි වන බවත් ඒ මහතා අවධාරණය කළේය. ලාංකේය සංස්කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳ විවෘතව කතාබහ නොකිරීම හේතුවෙන් පවුල් තුළ බොහෝ ගැටලු උද්ගත ව ඇති බව ද සඳහන් කළ වෛද්‍ය අබේකෝන් මහතා කාන්තාවන්ගේ ආර්තවහරණයේදී ඇති වන්නා වූ කායික හා මානසික සංකූලතා පිළිබඳ විශේෂ අවධානයක් පුරුෂ පක්ෂය විසින් යොමු කළ යුතු බවද වැඩිදුරටත් පැවසීය.

    වෛද්‍ය අබේකෝන් මහතා මෙසේ සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සුවදිවි සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනේ සමාරම්භක දේශනය පවත්වමිනි.

    මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ උපදේශකත්වය යටතේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රාජ්‍ය නිලධාරීන්ගේ කායික හා මානසික සුවතාව උදෙසා මෙම වැඩසටහන පැවැත්විණි.

    NDH/GNK-ISB-dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya