අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර පුරන් කුඹුරු අස්වැද්දීමට මිලියන 950ක්

    අප්‍රේල් 07, 2014
    කළුතර දිස්ත‍්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අස්වැද්දීමට රුපියල් මිලියන 950ක් 2014 අය-වැය මගින් වෙන් කර තිබෙන බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව ඉත්තෑපාන, දොඩගොඩ, බේරුවල, මහ වෙල්යාය වැනි විශාල පුරන් කුඹුරු යායවල් ඇතුළු දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු විශාල ප‍්‍රමාණයක් අස්වැද්දීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත. පුරන් කුඹුරු නැවත අස්වැද්දීම ආරම්භ කළ 2007 වර්ෂයේ සිට පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘති විශාල ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කර ඇති අතර කුඹුරු අක්කර  2000ට වැඩි ප‍්‍රමාණයක් මෙමගින් වගාකර ඇත.
     
    කළුතර දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු හෙක්ටර්යාර් 4000 කට වඩා පැවැතියත් නැවත වගාකර ගැනීමට හැකියාව ඇත්තේ හෙක්ටර්යාර් 2500 කට ආසන්න ප‍්‍රමාණයකි. වගුරුබිම්ව, මලකඩ ආශ‍්‍රිත රෝග හා කරදිය ගැලීම වැනි හේතූන් නිසා සෙසු පුරන් කුඹුරු වගාකිරිමේ අපහසුතා  පවති.
     
    DB/WS_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya