එම දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහහතර තුළ පිහිටි ග‍්‍රාමසේවා වසම් 303ක් තුළ මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර ඇත.
මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 6368ක් වන අතර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් මෙම මුල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත.
මාර්ග, පාලම් හා බෝක්කු තැනීම, ජල සම්පාදන, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, වාරිමාර්ග, විදුලිබලය හා අධ්‍යාපන යන ව්‍යාපෘති පමණක් නොව ආගමික, සංස්කෘතික හා සමාජ සුබසාධන වැඩසටහන් ද මේ යටතේ ක‍්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘති මගින් ප‍්‍රතිලාභ ලබන පුද්ගලයන් සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවයි. 2013 වර්ෂය තුළ ආරම්භ කළ සියලු ව්‍යාපෘති එම වර්ෂය තුළම අවසන් කර ගැනීමට හැකි වූ බව කළුතර දිස්ත‍්‍රික් සැලසුම් කාර්යාලය පවසයි.
DB/dmu_kalutara_ws