අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 දී පුත්තලම පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ 80%ක ප්‍රගතියක්

    අප්‍රේල් 09, 2014

    2013 වසරට අදාළව පුත්තලම දිස්ත්‍රික්කය තුළ පශු වෛද්‍ය ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වලින් 80%ක පමණ ප්‍රගතියක් අත්පත් කර ගත් බව පසුගියදා පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය.

    2014 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා තරුණ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරණ බවද පාසල් සඳහා දියර කිරි ලබා ගැනීමේ ව්‍යාපෘතිය අසාර්ථක වු බවත්, ගොවීන්ට සහනදායි මිලක් ලබාදීමට නොහැකි වීම මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීමට හේතු වූ බවත් එම සාකච්ඡාවේදී තවදුරටත් අනාවරණය විය. 


    පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පමණ ගවකුර හා මුඛ රෝගය පැතිර ඇති බවත්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවත්, එම සාකච්ඡාවේදී තවදුරටත් පැවසීය.

     

    දැනට දෛනිකව නිෂ්පාදනය වන කිරි ලීටර් 36,000ක ප්‍රමාණය මේ වසරේ ලීටර 60,000 දක්වා වර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි කළ බව අප පුත්තලම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

     

    ECB/SJ_dmu_puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya