අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසරණ පවුල් 54කට ලක්ෂ 45ක ජන සෙවණ නිවාස ආධාර

    අප්‍රේල් 07, 2014
    නිවසක් අලුතින් තනාගැනීමට හෝ නිවසක් අලුත්වැඩියා කරගැනීමට කිසිදු ආකාරයකින් හැකියාවක් නොමැති තවත් අසරණ පවුල් 54ක් වෙත රුපියල් ලක්ෂ 45ක නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.
     
    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ජන සෙවණ නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ආධාර පිරිනැමීය. මේ යටතේ කඩුවෙල, අවිස්සාවේල්ල, හෝමාගම, මොරටුව, කුරුණෑගල, මාතර, මොණරාගල යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී අසරණ පවුල් 54 ක් සඳහා නිවාස මූල්‍යාධාර ප්‍රදානය කෙරිණ. මේ සඳහා මූල්‍යාධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල මගිනි.
     
    ජීවත්වීමට සුදුසු නිවාස නොමැති මෙම පවුල් වෙත නිවාස ඉදිකරගැනීම සහ අලුත්වැඩියා කරගැනීම සඳහා උපකාරී වීම සම්බන්ධයෙන් මෙහිදී මෙම පවුල්වල සාමාජිකයෝ ජනාධිපතිතුමාටත් විමල් වීරවංශ අමාත්‍යතුමාටත් ඔවුන්ගේ ස්තූතිය පළ කර සිටියහ.
     
    මෙම අවස්ථාවට කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya