අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නමදිමු සිරිපා හරිත චාරිකා" අදිටන් පෙළහර සාර්ථකව නිමා විය

    අප්‍රේල් 07, 2014

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ "නමදිමු සිරිපා හරිත චාරිකා" වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා විය.

    ශ්‍රී පාද පුදබිම සුරකින පාරිසරික වන්දනා වැඩසටහනක් ලෙස ආරම්භ වූ මෙම ප්‍රජා සත්කාරය සඳහා 1000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ. එම පිරිස ප්‍රථමයෙන් සිරිපා මළුව වෙත ගමන් කළ අතර පසුව ඔවුන් සිරිපා මළුවේ සිට නල්ලතන්නිය දක්වා එක් රැස් වූ කැළිකසල හා ඝන අපද්‍රව්‍ය එකතු කරමින් පහළට කරුණා කරන්නට වූහ.

    කොළඹ සිට පැමිණි බාල, තරුණ, මහලු ප්‍රජා පිරිස හැටන් දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රියකින් පැමිණි අතර එතැන් සිට යොදවා තිබූ බස් රථ මඟින් නල්ලතන්නිය දක්වා ගමන් කළහ. මේ සඳහා විදේශීය පිරිස් බොහෝ දෙනෙක්ද සහභාගී වී සිටියහ.

    හැටන් දුම්රිය ස්ථායේදී මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් රුක් රෝපණයක් සිදු වූ අතර එවැනිම වූ රුක් රෝපණ වැඩසටහනක් නල්ලතන්නියේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මූලිකත්වයෙන් ද සිදු විය.

    ඊයේ (06) අලුයම ශ්‍රී පාද මළුවේ සිට අගමික වතාවත්වලින් පසු ප්‍රජා කණ්ඩායම් සිය අපද්‍රව්‍ය එක් රැස්කිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්වේච්ඡා සංවිධාන සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සංවිධානය කොට තිබිණ. මේ සඳහා ආරක්ෂක හමුදා භට කණ්ඩායම්වල සහය ද ලැබී තිබුණි.


    මේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් බී.යු.එම්.ඩී. බස්නායක මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.


    NDH/SH-dmu newaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya