අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සයිබර් අවකාශයේ ඔබේ දරුවා සුරක්ෂිතද?" සම්මන්ත්‍රණය 9 වැනිදා

    අප්‍රේල් 07, 2014

    "සයිබර් අවකාශයේ ඔබේ දරුවා සුරක්ෂිතද?" මැයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් ලබන 09 වැනි බදාදා පෙ.ව. 8.30ට වයඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.


    ශ්‍රී ලංකාවේ ළමා පරපුර ගෝලීයකරණයත් සමඟ විවිධ අභියෝගයන්ට හසු වීම නිසා විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් හට මුහුණ දීම වර්ධනය වී ඇත. වර්තමානය වන විට වර්ධනය වී ඇති ළමා අපයෝජන හා ළමයින් විසින් සිදු කරගනු ලබන අන්තර්ජාලය හා මාධ්‍ය භාවිතයේ අනිසි ප්‍රතිවිපාක තුළින් දරුවන්ගේ ජිවිත විනාශ වීම් හා බිලි ගැනීම් සිදුවේ.

     

    වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන අමාත්‍යංශය හා ප්‍රධාන අමාත්‍ය කාර්යමණ්ඩලය විසින් දරුවන්ට සුන්දර ළමා වියක් ඇති කිරීම සඳහා ප්‍රජාවේ සියලු ම ‍ක්ෂේත්‍රයන් සංවේදී කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

     

    ආගමික නායකයින්, දේශපාලනඥයින්, දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නායකයින් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් මෙම තත්ත්වය කෙරෙහි සංවේදී කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, මනෝවෛද්‍යවරු, මනෝවිද්‍යා උපදේශන නිලධාරීන්, ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නීති ක්ෂේත්‍රයේ දේශක මඬුල්ලකගේ දායකත්වය යටතේ එය පැවැත්වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya