අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ අලුත් සහල් මංගල්‍යය ගල් විහාර පුදබිමේදී

    අප්‍රේල් 07, 2014

    පුලතිසිපුර ගොවි ජනතාව විසින් මෙවර මහ කන්නයේ නෙළාගත් අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජාකිරීමේ අලුත් සහල් මංගල්‍යය ඓතිහාසික ගල් විහාර පුදබිමේදී පැවැත්විණි.


    අප්‍රේල් 05 වැනි දින සවස ගල් විහාරය අභියස පැවැත්වූ පහන් පූජාවෙන් මෙහි ආගමික වතාවත් ආරම්භ කෙරිණි. පසුදින හිමිදිරියේ පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේදී ගණ දෙවි දේවාලයේ කිරි ඉතිරවීමේ සාම්ප්‍රදායික කටයුතුවලින් පසු පෙරවරු 8.00ට පොලොන්නරුව කිරිවෙහෙර අභියසින් ඇරඹුණු අලුත් සහල් පෙරහර ගල් විහාර පුදබිමට පැමිණ බුද්ධ පූජාව පැවැත්වීමෙන් අවසන් විය.

    පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්විණි.

    මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya