අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

    මැයි 31, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් වාණිජ බැංකු සඳහා පොලී අනුපාතික පහත දමා ඇත.

    මේ අනුව නිත්‍ය තැන්පතු සදහා වන පොලී අනුපාතිකය 7.50% දක්වා ද නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 8.50% දක්වා ද අඩුකොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා මහ බැංකුවේ අද(31) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

    එහෙත් ව්‍යවස්ථා සංචිත අනුපාතය 5% ලෙස නොවෙනස්ව පවතී මුල්‍ය මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ දේශීය ආර්ථික , මුල්‍ය වෙළදපොල හා ලෝක ආර්ථික ප්‍රවණතා සුපරික්ෂාකාරීව අධ්‍යනය කිරීමෙන් පසුව බවද ඒ මහතා කීය.

    මෙහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකයට සිදුවී ඇති බලපෑම ගැන කරුණු දැක්වූ මහබැංකු අධිපති වරයා වැඩිදියුණු වූ ආරක්ෂක තත්වයන්, සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල්වලින් පනවා ඇති සංචාරක උපදේශ ලිහිල් කිරීම මෙන්ම සංචාරක අංශය නැවත නගා සිටුවීමට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් එම අංශය ආශ්‍රිත ඉපයීම් යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

    ආර්ථිකය ස්ථාවර තත්වයක පවත්වාගෙන යාම සදහා මහබැංකුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් 2019 වසර තුළදී සහ ඉන් ඉදිරියේදී උද්ධමනය 4.6% අතර පරාසයේ පවතිනු ඇතැයිද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා තවදුරටත් කීය.

    මෙහිදී මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහබැංකු අධිපතිවරයා, මූල්‍ය මණ්ඩලය විසින් පහත හෙළන ලද පොලී අනුපාතික වාණිජ බැංකු විසින් ක්‍රියාත්මක නොකළොත් ණය සහ තැන්පතු සදහා අයකළ හැකි පොලී අනුපාත පිළිබද සීමා පැනවීමට බලාපොරොත්තුවන බවද කීය.

    මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා වන ආචාර්ය නන්දලාල් වීරසිංහ,එච්.ඒ කරුණාරත්න,වයි.එච් ඉන්ද්‍රරත්න,එස්.ආර් ආටිගල සහ සහකාර අධිපති අශෝක හදගම යන මහත්ම මහත්මීහුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya