අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අවසන් ණය වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 164ක්

    මැයි 14, 2019

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ අවසන් වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 164.01 ක මුදලක් නිකුත් කිරීමට එහි විධායක මණ්ඩලය ඊයේ (13) අනුමැතිය ලබාදී ඇත.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2016 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබාදීමට එකඟ විය.

    මෙම ණය මුදල කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් අතර එහි අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණි.එහෙත් ඒ දිනවල ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

    ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන වැදගත් ප්‍රගතියක් බවද ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීමක් වශයෙන් අවසන් ණය වාරිකය ලබාදීමට තීරණය කළ බවද ඊයේ (13) පැවැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එහි වැඩබලන සභාපති මිට්සුහිරෝ ෆුරුසාවා මහතා පවසා ඇත.එසේම පසුගියදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සිය ශෝකය පළකරන බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කොට තිබේ.

    එමෙන්ම ශ්‍රි ලංකන් එයාර්ලයින්ස් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ බලශක්ති මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණය ක්‍රියාවට නැංවීම ආදිය පිළිබදවද ශ්‍රී ලංකාවේ රජය අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya