මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හදවත් යා කෙරෙන රන් මාවත්” සංවර්ධන වැඩසටහන රත්නපුරේ දී ඇරඹේ.' අගෝස්තු මාසය වන විට නිම කිරීමට අපේක්ෂා කරයි

    මැයි 12, 2019

    “හදවත් යා කෙරෙන රන් මාවත්” සංවර්ධන වැඩසටහන රත්නපුරේ දී ඇරඹේ.'  අගෝස්තු මාසය වන විට “හදවත් යා කෙරෙන රන් මාවත්” වැඩසටහන නිම කිරීමට අපේක්ෂා කරයි

    “හදවත් යා කෙරෙන රන් මාවත්” වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් රත්නපුර දී මෙම වැඩසටහන පැවැත්විණි.

    එහිදී අඳහස් දැක්වූ මහාමාර්ග, මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්අමාත්‍ය කබීර් හෂීම් මහතා;

    රුපියල් මිලියන 17,140 (කෝටි 1,714 ) ක් වැය කරමින් දිවයින පුරා සිදු කෙරෙන අලුත් මාර්ග සංවර්ධන වැඩසටහනක් අද (මැයි 12 දින ) පෙ ව 10.00 ට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේදී දියත් කෙරිණි.
    මෙම වැඩසටහන මගින් ග්‍රාමීය මාර්ග කිලෝමීටර 1,970ක් සහ පාලම් 200ක් සංවර්ධනය කිරීමට නියමිතය. 

    ''හදවත් යා කෙරෙන රන් මාවත්''නම් මෙම මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ අගෝස්තු මාසය වන විට නිම කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ඒ සඳහා දිවයිනේ සෑම ඡන්ද කොට්ඨසයකටම රුපියල් මිලියන 80 (කෝටි 08) බැගින් වෙන් කර ඇති බව මහාමාර්ග, මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.  මෙයින් රුපියල් මිලියන 2,950 (කෝටි 295) ක් උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙන් කර ඇත. දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ මහා මාර්ග සංවර්ධන වැඩපිළිවෙලට
    සමගාමීව මෙම මාර්ග සංවර්ධන වැඩසටහන ද ක්‍රියාත්මක වේ. 

    මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව  කොළඹ නගරයේ රථ වාහන තදබදය නිසා එක් දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයකි (කෝටි 100) කි. රථ වාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 397ක් (කෝටි 39,700 ක්)
    නිකරුනේ දැවී යයි. දිනකට කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන වාහන සංඛ්‍යාව 300,000 ක් වන අතර එයින් 250,000ක් ම පෞද්ගලික වාහන වෙයි. එක දිනකට කොළඹ නගරයට ඇතුළුවන මගීන් සංඛ්‍යාව මිලියන 1 කි. 

    “ එම නිසා, ප්‍රධාන නගර ගණනාවක රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇත. මේ වසර තුළ අධිවේගී මාර්ගයන්හි කිලෝමීටර 146ක ප්‍රමාණයක් නිමකරනු ලැබේ. සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් යොදා ගෙන, දේශීය ඉංජිනේරුවන් විසින් ඉදි කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර මේ වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල නිම කිරීමට අපේක්ෂිතය. පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වන තුන් වන අදියර ද මේ වසරේ නිම කිරීමට නියමිත වන අතර එයින් පසු කටුනායක සිට මාතර දක්වා අඛණ්ඩව අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ලැබේ. රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම මේ වසරේදී ආරම්භ වීමට නියමිතය.

    කොළඹ නගරයේ කැලණි පාලම පුළුල් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වී ඇති අතර වරාය දක්වා දිවෙන කණු මත ඉදි වෙන අධිවේගී මාර්ගයේද ඉදිකිරීම් ආරම්භ වනු ඇත. කැලණියේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කණු මත ඉදිවන අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ද ආරම්භ වනු ඇත. කොළඹ නගරයේ ස්ථාන දෙකක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලම් ඉදි කෙරෙන අතර, මේ අයුරින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කෙරෙනු ඇත. යැයි මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාමාර්ග, මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya