අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''දරුවන් සුරකිමු ව්‍යාපෘතිය'' යටතේ පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්

    මාර්තු 19, 2019

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවනු ලබන දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට සමගාමීව 'රට වෙනුවෙන් එකට සිටිමු'' ජතික වැඩසටහන මගින් ඊයේ(18) දින සිට මෙම මස 22 වන දින දක්වා දරුවන් සුරකිමු ව්‍යාපෘතිය දියත් කරයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් ඉලක්ක කර ගත් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. ඒ වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීම (18) පෙරවරුවේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාරයාලයේදී සිදුවිය.

    මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙම වැඩසටහන පිළිබඳ ව විදුහල්පතිවරු දැනුවත් කර දරුවන් නිවැරදි පෞරුෂ සංවර්ධනයට ලක් කිරීම තුළින් ඔවුන් අනාගතයේදී රටට අවශ්‍ය යහපත් පුරවැසියන් බවට පත් කිරීමයි.

    විශේෂයෙන් පූර්ව ළමා වියේ පාසල් සමාජානුයෝජන ක්‍රියාවලියේදී දැනුම, කුසලතා හා ආකල්ප දියුණු කිරීමත්, අභියෝග බාර ගැනීමට හැකි පරිසරයක් තුළ අවබෝධාත්මක සිසු පරපුරක් බිහි කිරීම වැඩිහිටි පරපුරේ වගකීම බවද සනාථ කිරීම ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya