අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'රට වෙනුවෙන් එකට සිටිමු'-උඩප්පුව වෙරළ තීරය පිරිසිදු කෙරේ

    මාර්තු 19, 2019

    පුත්තලම දිස්ත්‍රික්කයේ 'රට වෙනුවෙන් එකට සිටිමු' ජාතික වැඩසටහන යටතේ අද (19) දින මුන්දම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩප්පුව ග්‍රාම නිලධාරී වසමේ උඩප්පුව වෙරළ තීරය පිරිසිදු කිරීම සිදුවිය.

    ඒ පිළිබඳ ව රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප්‍රදේශවාසීන්ගෙන් අදහස් විමසීමකදී ප්‍රකාශ කර සිටියේ මේ වැඩපිළිවෙළ පිලිබඳ ව සතුටට පත්වන බවත්, එය තම ප්‍රදේශයටද වටිනා කමක් එක් කරන බවය

    මේ පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජයන්ත දිසානායක මහතා සඳහන් කළේ, මේ ප්‍රදේශයේ වෙරළ පරිහරණය කරන ජනතාව, විවිධ ආයතන එක් කරගනිමින් මෙම වැඩසටහන දියත් කර
    ඇති බවයි. ඉඩම් ගැටළු, පරිසර ගැටළු,විසඳමින් ජනතා අවශ්‍යතා සම්පූර්ණ කර දීම ඉලක්කකරගනිලින්  රට වෙනුවෙන් එකට සිටිමු' වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව පැවසී ය.

    ඒ අනුව උඩප්පුව 594/බී ග්‍රාම නිලධාරී වසමේ  පදිංචි කමලා මහත්මිය ද ප්‍රකාශ කළේ, අපිරිසිදු වෙරළ පිරිසිදු කරගැනීමට සහාය වීම පිළිබඳ ව රජයට ස්තූතිවන්ත වන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya