මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවට පිළියම් යෙදීමට රජයේ අවධානය

    මාර්තු 19, 2019

    දංකොටුව, මැටිකොටුව, නෙළුම් උයන හා නවගත්තේගම ජල පිරිපහදු මධ්‍යස්ථාන මේ වන විට ක්‍රියාත්මකයි. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන යටතේ පානීය ජල ව්‍යාපෘති ගණනාවක් අලුතෙන් අරඹයි.
    - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක අතරින් පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට බලපා ඇති අභියෝග අතර ජනතාවගේ දිළිඳුකම බරපතල සමාජ ගැටලුවක් වන අතර දිස්ත්‍රික්කයේ පවතින නියඟය ද ජල පද්ධතිය 80%ක් සිඳීයාම ද ජනතාව මුහුණ දෙන තවත් සමාජ ගැටලුවකි. එමෙන්ම දිස්ත්‍රික්කයේ වැව් පද්ධති සිඳීයාම තුළින් ද ල්ඪෛස්ල්‍රෞඩ්ක;ය හා අනෙකුත් බෝග වගාවන්හි අස්වැන්න අඩුවීම ද මෙම දිස්ත්‍රික්කය මුහුණ දෙන තවත් බරපතල සමාජ ගැටලුවකි.


    දිස්ත්‍රික්කයේ පවතින ජල ගැටලුවට විසඳුමක් ලබා දීම රජයේ මූලික අරමුණ වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කඩ්‍රහ්ඩ්,ෆ්හ පූරඛ් මැදිහත්වීම මත පසුගිය තෙවසරක පමණ කාල පරිච්ඡේදය තුල දී පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන කීපයක් ආරම්භ කර තිබේ. දංකොටුව, මැටි කොටුව, නෙළුම් උයන, නවගත්තේගම ප්‍රාථමික පාසල, ආනමඩුව මහවිදුහල ඒ අතරින් ප්‍රධාන වේ.
    ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමටත්, වකුගඩු රෝග පාලනය කිරීම සදහාත් ජනාධිපති ලේකම් කාර්යාලයේ දායකත්වය මත රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේද ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ආවරණය වන පරිදි ගෘහස්ථ ජල පෙරණ ලබාදීම ජල පද්ධති ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම, වකුගඩු රෝග වැලක් වීම සදහා මහජනතාව දැනුවත් කිරීම, සායන පැවැත්වීම මෙම වැඩ සටහන තුළින් ඉදිරි සතිය තුල ක්‍රියාත්මක වන අතර මේ සදහා රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මෙම වැඩසටහන සමඟ එක් වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    දිස්ත්‍රික්කයේ පැවති මෙම සමාජ ගැටලු පිළිබද විශේෂ අවධානයක් යොමුකරමින් දිස්ත්‍රික් ලේකම් ල්ඩ්ර්හ්ඩ්,ෆ්හ මගපෙන්වීම යටතේ පසුගිය වසරේ ග්‍රාමීය යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති 624ක් හා ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 1230ක් ක්‍රියාත්මක කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක විමධ්‍යගත අයවැය යටතේ තවත් ව්‍යාපෘති 717ක් ක්‍රියාත්මක කර ඇති බවද පවසයි.
    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya