මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම්වල වැඩිහිටි ප්‍රජාවට නීති සහන හා දැනුවත් කිරීමක්

    මාර්තු 20, 2019

    පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම්වල වැඩිහිටි ප්‍රජාවට නීති සහන ලබාදීම සහ වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම ඊයේ (19) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මූලිකත්වයෙන් පැවැත්විණි.රට වෙනුවෙන් එකට සිටිමු ජතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

    වැඩිහිටි සමාජ සත්කාර අරමුදල්, සෞඛ්‍ය සහන සේවා නොසලකා හැරීම්, නීති ආධාර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, දේපළ උරුම යනාදී ගැටලු පිලිබඳව වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැත් විය.

    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අධිකරණ අමාත්‍යාංශය , නීති ආධාර කොමිසම හා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදි.

    මෙහිදී ජීවිතයේ සැදෑසමය ගත කරන වැඩිහිටි ප්‍රජාවගේ පොෂණ හා සංවර්ධනය ශක්තිමත් කර ගතින් හා සිතින් ශක්තිමත් පුරවැසියෙකු ලෙස සමාජයේ ජීවත් වීමටත්, වැඩිහිටි විය සමාජයට බරක් නොවී පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීම සිදුකරනු ලැබීය.

    මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි පුත්තලම ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සංජීවනී හේරත්, නීති ආධාර කොමිසමේ නීති නිලධාරී නීතිඥ කලණි මැදගොඩ , නීතිඥ ප්‍රියංකා සමරතුංග මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya