මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'රට වෙනුවෙන් එකට සිටිමු''- වතුපොළ ග්‍රාම නිලධාරී වසමෙහි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හා රුක් රෝපණ වැඩසටහනක්

    මාර්තු 18, 2019

    ''රට වෙනුවෙන් එකට සිටිමු' -ජාතික වැඩසටහන යටතේ අද (18) පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වතුපොළ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශවාසීන් උදෙසා මත් ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

    මේ සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධන බලකාය විසින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම සිදු කළේ ය.

    මීට අමතරව වතුපොළ ග්‍රාම නිලදාරී වසමට අයත් කලුවර ගස් හන්දියේ සිට වතුපොළ සමූහ ගොවිපොල දක්වා පිවිසුම් මාර්ගයේ මග දෙපස පලතුරු පැල රෝපණ වැඩසටහනක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී,ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සවර්ධන නිලධාරී වරුන්ගේ මඟ පෙන්වීමෙන් අද (18) පස්වරුවේ සිදු කෙරිණි.

    ඒ අනුව අඹ පැළ 50 ක්, ජම්බු පැළ 50ක් රෝපණය කරන අතර ජනාධිපති ලේකම් කාර්යාලය රු. 25,000 ක ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රජා සත්කාරය සිදු කළේ ය. මෙම පළතුරු පැළ නඩත්තු කිරීම පාර දෙපස සිටින ඉඩම් හිමියන් විසින් සිදුකරයි.

    'ආදර්ශමත් ගමක්'  යන තේමාව යටතේ 'රට වෙනුවෙන් එකට සිටිමු' වැඩසටහනට සක්‍රීයව දායක වීමත් මෙහි අරමුණ බව පල්ලව ප්‍රාදේශීය ලේකම් එච්.එම්. නදීජා හේරත් මහත්මිය පැවසුවාය.

    math2

     

    malnew

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya