අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට වෙනුවෙන් එකට සිටිමු " -රටේ සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධව සිදු කිරීමත්,ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමත් වත්මන් අවශ්‍යතාවයි

    මාර්තු 18, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගනිමින් අද (18) ආරම්භ විය. මාර්තු 22 වන දා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කරගනිමින් අද (18) දින මුල්ගල තැබීම් හා විවෘත කිරීම් රාශියක්  පැවැත්වෙන ආණමඩුව ප්‍රාදේශීය ලේකම් බී.ඩබ්.ඩබ්.එම්.එස් බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

    ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මූලික කරගනිමින් වකුගඩු රෝග නිවාරණ වැඩසටහන අද (18) දින ක්‍රියාත්මක කෙරිණි. ඊට අමතරව සාගට්ටිකුලම සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ හා ආණමඩුව දිසා රෝහලේ ජල පද්ධති ද්විත්වයකට මුල් ගල තැබීමද සිදු විය.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ, මනුෂ්‍ය සංහතියේම පැවැත්මට අවශ්‍යවන මූලික සාධකයක් වූ ජලය පිරිසිදුව ලබා දීමත්, ආණමඩුව ප්‍රදේශයේ ජල අවශ්‍යතාව කඩිනමින් සපුරාලීමත් අවශ්‍ය බවයි. මීට අමතරව වකුගඩු රෝගී කාරක තත්වයට හේතු සාධක බලා එයට ගොදුරු වීම අවම කිරීම අවශ්‍ය බව මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා තවදුරටත් පැවැසීය.

    අප රටේ සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධව සිදු කිරීමත් , ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමත් වත්මන් අවශ්‍යතාව බව ආණමඩුව දිසා රොහලේ ජල පද්ධතියට මුල් ගල තැබීම සඳහා සහභාගී වෙමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානී එච්.එම්.පී.හිටිසේකර මහතා පැවසීය.

    ආණමඩුව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් වන ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ පාසල් දරුවන්ගේ ජල අවශ්‍යතාව සපුරාලමින් පානීය ජල පද්ධතිය විවෘත කිරීමද අද(18) පෙරවරුවේ සිදු කෙරුණි.

    ජනාධිපති කාර්යාලය මගින් ජල පෙරණ 50ක් වකුගඩු රෝගීන්ට ලබා දීමටත් අද දවසේ සිදු වුණි. ආණමඩුව ප්‍රාද්ශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දරුවන් සුරකිමු වැඩසටහනට සමගාමීව වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරිමක්ද සිදු කෙරිණි. මේ තුළින් ප්‍රතිලාභීන් 150කට පමණ සෙත සැලසේ.

    එමෙන්ම වැඩිහිටි හැඳුනුම්පත් සඳහා ජංගම සේවයක්ද ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සිදු කරයි. මෙම ජංගම සේවය මගින් හැඳුනුම්පත් අස්ථානගත වූ හා මෙතෙක් හැඳුනුම්පත් නොගත් සියලුම වැඩිහිටි ප්‍රජාවට මෙම සේවය කඩිනමින් ලබා දීමටද නියමිතයි. මේ සඳහා ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව සහයෝගය දක්වයි.

    මීට අමතරව මෙම වැඩසටහනට සමගාමීව හෙට (19) දිනයේද ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ආබාධිත පුද්ගලයන් හට විශේෂ ආබාධිත වැසිකිළි පහසුකම් ලබා දීම අරමුණු කරගනිමින් ජානධිපති කාර්යාලය මගින් රුපියල් ලක්ෂ 7000ක ප්‍රතිලාභ යටතේ එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    එමෙන්ම ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික දේශීය ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන යටතේ වැඩසටහන් දෙකක් හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතයි. එක් වැඩසටහනක් වන්නේ තුඹ කරවිල නිෂ්පාදන වැඩසටහනක් හා දේශීය අලභෝග නිෂ්පාදන වැඩසටහනකි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දරුවන් සුරකිමු වැඩසටහන යටතේ පාසල් නොයන දරුවන් කිහිප දෙනෙකු පාසල් ගත කිරීමට නියමිතයි. මේ සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් මූලිකත්වය ගනී.

    මෙම මස 21 වන දා වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සඳහා විශේෂ වෛද්‍ය සායනයක් මදම්පේ රෝහලේ වෛද්‍යවරු කිහිපදෙනෙක් විසින් ආණමඩුව ප්‍රාද්ශී්‍ය ලේකම් කාර්යාලයේ සුදම්පාය ශාලාවේදී පැවැත් වේ

    ආණමඩුව ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ සිදු කෙරෙන මෙම වැඩසහන් සඳහා පුත්තලම දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ අධ්‍යක්ෂ වික්ටර් ඇන්ටනී පෙරේරා,ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර, ආණමඩුව දිසා රෝහලේ වෙවද්‍ය අධිකාරී රවී අබේරත්න යන මහත්වරු සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya