අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගතවූ වසර හතර තුළ රජයේ සේවක වැටුප දෙගුණයකින් වැඩි වූ බව මුදල් ඇමති කියයි

    මාර්තු 08, 2019

    මෙතෙක් පැවති කිසිදු රජයක් නොකළ අන්දමේ විශාල වැටුප් වැඩි වීමක් රජයේ සේවකයන්ට ලබා දුන්නේ මේ රජය බවත් ,2015 දී රු.10000 කින් වැටුප් වැඩි කිරීම නිසා මේ වන විට රජයේ සේවක වැටුප් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි .

    2015 දී අදිය ර 4කින්වැඩි කළ වැටුප් රජයේ සේවකයින්ගේ මූලික වැටුපට එකතු වී තිබේ. මෙවර අය-වැයෙන් ද රජයේ සේවකයන්ට රුපියල් 2500 ක දීමනාවක් ලබන ජූලි මාසයේ සිට ලබා දීමට පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ (7) පැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැතිවරයා පැවැසීය .

    2015 සිට 2019 දක්වා කාලය තුල රජයේ කාර්යාල කාර්ය සහායකයකු ගේ වැටුප රුපියල් 11,730 සිට රුපියල් 21,740 දක්වා ද ,ගුරුවරයකුගේ වැටුප රුපියල් 16000සිට රුපියල් 29000 දක්වා ද වැඩි වී තිබෙන අතර අමාත්‍යංශ ලේකම් ලේක වරයෙකුගේ වැටුප රුපියල් 48000 සිට රුපියල් 88000 දක්වා ද වැඩි වී ඇති අන්දම ඒ මහතා උදාහරණ දක්වමින් පෙන්වා දුන්නේ ය .


    ත්‍රිවිධ හමුදාවල සහ රණවිරුවන්ගේ දීමනා ද අයවැය මගින්ඉ හළ දමා තිබේ . පොලිසියේ වැටුප් වැඩි කොට නැතැ යි සමහරු චෝදනා කළත් රජය 2016 දී පොලිස් නිළධාරින්ගේ වැටුප් 40% කින් ඉහළ දැමූ අතර ඔවුන්ගේ සංයුක්ත දීමනා ද වැඩි කොට ඇත . 2006 වසරේ සිට පැවති රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීමට ද මෙවර අය-වැයෙන් පියවර ගෙන ඇති බව ද මංගල සමරවීර මහතා කී ය . සෑම වසරක ම තුන් ලක්ෂයක් පමණ සිසුන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින නමුත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ දෙලක්ෂ හතළිස් දහසක් පමණි .එයිනුත් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට හැකි වන්නේ සිසුන් තිස්දහසක් පමණ පිරිසකට පමණි .එම නිසා අනෙක් සිසුන්ට මෙරට උපාධි ප්‍රදානය කරන ආයතන වලට බැඳී උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් රුපියල් ලක්ෂ 11 දක්වා වූ ණය මුදලක් ලබා ගැනීමට මෙවර අය වැයෙන් අවස්ථාව සලසා ඇත .

    උපාධිය ලබා ගෙන රැකියාවකට ගොස් වසර පහළොවක කාලයක් ඇතුළත එම ණය ආපසු ගෙවීමට එම සිසුන් ට පුළුවන . තමා ඉදිරිපත් කළ මෙවර අයවැයට මේ දක්වා සැලකිය යුතු තරමේ විවේචන එල්ල වී නොමැත .රටේ ආර්ථික අර්බුදයක් පවතින බවට සමහරුන් නොයෙක් ප්‍රකාශ කලත් එවැනි අර්බුදයක් නැති බවත් තිබෙන්නේ ආර්ථික අභියෝගයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය .

    මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග ,මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ද්‍රරාජා යන මහත්වරුද මෙම  මාධ්‍ය හමුවට එක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya