අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    172 වැනි ආදර්ශ ගම්මානය''සංහිඳ ග්‍රාමම්'' මහනුවර දී ජනතා අයිතියට

    පෙබරවාරි 28, 2019

    ''ගම් උදාව'' වැඩසටහන යටතේ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙල අනුව ඉදි කරනු ලැබූ 172 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

    මාර්තු මස 01 වැනි දින පෙ.ව. 10.30 ට නිවාස, ඉදි කිරීම් සහ සංස්සකෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන මෙම ආදර්ශ ගම්මානය මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඹකොටේවත්ත ප්‍රදේශයේ ඉදි කොට ඇත.

    ''සංහිද ග්‍රාමම්'' ආදර්ශ ගම්මානය යනුවෙන් නම් කොට ඇති මෙම ගම්මානය අක්කර 16 ක භූමි භාගයක ඉදි කොට ඇති අතර, නිවාසය සමග එක් අයෙකුට පර්චස් 10 කට නොඅඩු ඉඩම් කැබැල්ලක් ලබා දී තිබේ. ගම්මානය තුළ ඉදි කොට ඇති නිවාස සංඛ්‍යාව 26 කි. ජලය, විදුලිය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් සමන්විත මෙම ගම්මානය සදහා වැයකොට ඇති මුදල මිලියන 29 කට ආසන්නය. ප්‍රතිලාභීන්ගේ දායකත්වයද මෙම ගම්මානය ඉදි කිරීමේදී ලබා දී තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ගම්මානයේ ඉදි කිරීම් සම්බන්ධීකරණය කොට ඇත.

    මෙම උත්සව අවස්ථාව සදහා රාජ්‍ය වාසවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya