අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පොළොන්නරුව නගරයේ සංවර්ධන කටයුතු සොයා බලයි

    පෙබරවාරි 03, 2019

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (02) පෙරවරුවේ පොළොන්නරුව නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සංවර්ධන කටයුතු කිහිපයක් පිළිබඳ සොයා බැලීය.

    පළමුව පොළොන්නරුව නව කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා එම ඉදිකිරීම් විධිමත්ව සහ කඩිනමින් නිම කිරීමට අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    සාමාන්‍ය කෞතුකාගාරයකින් වෙනස්ව ඉදිකෙරෙන මෙම නව කෞතුකාගාරය මෙරට අතීත නගර නිර්මාණය, වාරි තාක්ෂණය, ඉපැරණි ජල ප්‍රවාහන ක්‍රම, ආහාර සුරක්ෂිතතා, ගෘහ නිර්මාණ ශිල්පය ආදි තාක්ෂණික උරුමය විදහා දක්වන කෞතුකාගාරයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස ඉදි කෙරේ.

    “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

    ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියට පැමිණෙන පිරිස් වෙත පුලතිසි පුරවරයේ වටිනාකම විවරණය කරමින් ඉදිකිරීමට යෝජිත නගර උද්‍යානය සඳහා වෙන් කර ඇති භූමිය ද අනතුරුව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    පොළොන්නරුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පිළිකා රෝගීන් වෙනුවෙන් එම රෝහලට යාබදව ඉදිකිරීමට යෝජිත වාට්ටු සංකීර්ණය ඉදිකෙරෙන භූමිය ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කරනු ලැබීය.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා කදුරුවෙල ලංගම ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya