අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ජාත්‍යන්තර වරායට ලෝ බොර නැවක් පැමිණෙයි

    පෙබරවාරි 02, 2019

    'ඉතාකා පේෂන්ස්' (Ithaca Patience) නැමැති නෞකාව, මෙට්‍රික් ටොන් 27,150ක ලෝ බොර (SLAG Cargo) බෑම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලෑවේ, වරාය ගමන් මගේ, තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

    ලෝ බොර යනු සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයකි. ප්‍රථම වරට මෙවැනි හැසිරවීමක යෙදුනද, ඉතා උසස් කාර්යක්ෂමතාවයකින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරිමට වරායේ පළපුරුදු සේවක මණ්ඩලයට හැකි විය. කොතරම් දුරට සාර්ථක වූවද කිවහොත් ඇතැම් දිනවල මෙට්‍රික් ටොන් 11,000 දක්වා ගොඩබෑමේ අගයක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය.       

    මෙයට පෙර ලෝ බොර, කුඩා යාත්‍රා මඟින් ගාලු වරායට ගෙන ඒම සිදු කෙරිණි. එහෙත් මෙවැනි විශාල තොග නෞකාවන් හැසිරවීමට, ගාලු වරායේ  ඉපිළුම් ගැඹුර (Draught) ප්‍රමාණවත් නොවන හෙයින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මෙම භාණ්ඩ ගොඩ බෑම සාර්ථකව නිමා කරන ලදි.

    හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් (HIPG) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ, විශාල නෞකා පැමිණිමේ ආර්ථික වාසිය සමඟ කාර්යක්ෂමව ඉහළ මට්ටමේ ඵලදායිතාවයක් ලබා දීම හේතුවෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය දකුණේ ක්‍රියාත්මක වන සිමෙන්ති කර්මාන්තය සඳහා හොඳම විකල්පය බවට පත් වී ඇති බවයි. මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ කර ඇති පරිසර රෙගුලාසි වලට අනුකූලව වරායේ මෙහෙයුම් සිදු කර ඇති බවද ඔහු  තවදුරටත් පැවසීය. 

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සේවාවන් අගය කරමින්, ඉන්සී සමාගමේ (INSEE Cement) ප්‍රසම්පාදන හා ප්‍රවර්ධන කටයුතු අධ්‍යක්ෂක තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසන්නේ, මාසික හා ද්වීමාසිකව ලෝ බොර නැව් හම්බන්තොට වරායට  ගෙන්වීමට ඔහු අදහස් කරන බවයි. මෙය තම සමාගමේ පුළුල් වන නිෂ්පාදන ධාරිතාවට ඉමහත් රුකුලක් වන අතර වරායේ කඩිනම් සේවාවන් ඕනෑම ජාත්‍යන්තර වරායකට සමකල හැකි බවද ඔහු සඳහන් කලේය. ඉන්සී සමාගම මීට පෙර කොළඹ, ත්‍රිකුණාමලය හා ගාලු වරායන් හරහා ක්‍රියාත්මක වී ඇත.  මෙම මෙහෙයුමේ පිරිවැය ඵලදායිත්වය සහ පහසුවද තම සමාගමට ඉතා වැදගත් බව  ඔහුගේ අදහසයි.

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉපිළුම් ගැඹුර (Draught) වැඩිවීම හේතුවෙන්, පරිමාණානුකූල පිරිමැසුම් දෘෂ්ටියකින් බලන කල මෙම ලෝබොර ගොඩබෑම ඉන්සී සිමෙන්ති සමාගමට සැලකිය යුතු පිරිවැය ඵලදායිත්වයක් ලබාදුන් බව එච්.අයි.පී.ජී (HIPG) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතාද පැවසීය. මෙම ලෝ බොර නෞකා මෙහෙයුම් මඟින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බහුකාර්ය වරාය බවට පත් වී ඇති හම්බන්තොට වරායේ කාර්යන් විවිධාංගිකරණයට ලක් වී ඇති බව තිස්ස වික්‍රමසිංහ මහතාගේ අදහසයි. බහාලුම් හැසිරවීම, සාමන්‍ය භාණ්ඩ හැසිරවීම, රෝ රෝ මෙහෙයුම්, මගී හා තෙල් සේවාවන්, තොග පර්යන්ත, ගෑස් සහ ව්‍යාපෘති භාණ්ඩ හැසිරවීම ආදි සේවාවන් හම්බන්තොට වරාය, මඟින් සිදු කරන අතර කලාපයේ, අනෙකුත් ඕනෑම වරායක් සමඟ තරඟ කර හැකි තත්වයකට පත් වී ඇත.    

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-හම්බන්තොට -එච්.බි.ජනක ප්‍රසාද් )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya