අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය නගර ව්‍යපෘතියේ ගොඩ කිරීමේ කටයුතු නිම කෙරේ

    ජනවාරි 16, 2019

    හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයකින් යුත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මාස 28ක් තිස්සේ සිදු කළ ගොඩ කිරීමේ කටයුතු අද (16) අවසන් විය.

    මෙම ව්‍යපෘතිය සඳහා වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිංහායි ලෝන්ග් නැව අද (16) පෙරවරුවේ වරාය නගර භූම්යෙන් සමුගෙන පිටත්ව ගියේය.

    මෙම සුවිශේෂ අවස්ථාව සනිටුහන් කිරීම නිමිත්තෙන් වරාය නගර ව්‍යාපෘති පරිශ්‍රයේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ,ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් සහ පෝට්සිටි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ජියෑං හවුලියෑං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක්ද පැවැත් වුණි.

    මෙහිදී කතා කළ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සියවස් ගණනාවක් තිස්සේ කළු ගඟෙන් මහ මුහුදට ඇදී ගිය මහා වැලි කන්දරාවෙන් වැලි මීටර් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් මෙම වරාය නගර ව්‍යපෘතියේ ගොඩ කිරීම සඳහා යොදා ගෙන ඇති බව කියා සිටියේය. මේ නිසා පරිසර හානිද වැලකී ඇති අතර මෙම ව්‍යාපෘතිය නිසා ධීවර ප්‍රජාවට මහුණ පෑමට සිදුවී තිබූ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා කීය.

     ඇමතිවරයා මෙසේ ද කීය.

    ඉදිරි කාලයේදී මේ වරාය නගරයට කැලණි පාලමේ සිට නව මාර්ගයක් ඉදි වෙනවා. ඒ මාර්ගය උමගක් මගින් කොල්ලුපිටිය දක්වා ගෙන යාමටද බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය හා පරිසර අධිකාරිය මගින් අධ්‍යයනයක් කරගෙන යනවා. එයින් පසු මෙහි වැඩ පටන් ගන්නවා.ඊට අමතරව කඩුවෙල රාජගිරිය බේරේවැව යෝජිත වරාය නගරය සම්බන්ධවන සැහැල්ලු දුම්රිය සේවාවක්ද ආරම්භ කරනවා.

    මෙම වරාය නගරයේ අනාගතයේදී උද්‍යානයක් ,ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක්,ජත්‍යන්තර පාසලක් ,ජාත්‍යන්තර රෝහලක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීමටද බලාපොරොත්තු වෙනවා.

    මෙම වරාය නගර ව්‍යාපෘතිය මේ තත්වයට ගෙන ඒමට හැකිවීම වසර 3ක් ඇතුළත් යහපාලන ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවද රණවක මහතා කීය. ශ්‍රී ලංකා චීන තානාපති චෙන්ග් ෂුයේ යුවාන් මහතාද මෙහි දී කතා කළේය.

     

    chaina port

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya