මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව් වසරක අත්දැකීම් සමග ජනතාවාදී වැඩපිළිවෙළ ජයග්‍රහණය කරා මෙහෙයවන බව ජනපති පවසයි

    ජනවාරි 08, 2019

     ජනපතිට ආශිර්වාද පළකරමින් ආගමික වැඩසටහන් රැසක් …
     බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට ජනපතිගෙන් උපහාර …
     ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට …
     දුම්බර මිටියාවත අස්වද්දන කළු ගඟ ජලාශය ජනතා අයිතියට පැවරේ

    අදින් සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබු බවත්, එහි දී ලැබු ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබු පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ලග්ගල නව හරිත නගරය අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.

    ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලු ජාතින් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළේය.

    රට ගොඩනැගීමට ප්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිව් වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.

    එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවත්, අලුතින් සිතා, අලුතින් සැලසුම් කර අලුත් ගමනක් යාමට ලැබු නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලුදෙනාට ආරාධනා කරන බවත් ය.

    රජ රට ජනතාවගේ ජල ගැටලුව විසදීම සඳහා මොරගහකන්ද – ක`ථ ගඟ දැවැන්ත වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා සේම, තමාට සැබෑ ලෙසම සතුටු විය හැක්කේ උතුරේ ජනතාවගේ ජල ගැටලුවට ද නිසි විසඳුමක් ලබා දුන් දිනක බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමේ පු`ථල් මෙහෙවර ඉටුකිරීමේ දී ජාතින් අතර සමඟිය සහ සංහිඳියාව ගොඩනැගීමට කළ හැකි සැම කාර්යයක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින්, සාමකාමී දේශයක් සහ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් 2015 ජනවාරි 08 වනදා මෙරට හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිය ධූරයට පත්ව අදට සිව් වසරක් සපිරේ.

    ඒ නිමිත්තෙන් ජනපතිට ආශීර්වාද පළ කරමින් ආගමික වතාවත් ස්ථාන රැසක දී පැවැත්වුණු අතර, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.අද උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරිණි.

    මේ අතර අද උදෑසන ජනාධිපතිතුමා විසින් සිය කටයුතු ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි. දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක්වූ ජනාධිපතිතුමා පිළිරුවට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

    ,මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහකන්ද – ක`ථගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන ක`ථගඟ ජලාශය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීම සිදු විය.

    නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- ක`ථගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

    මොරගහකන්ද – ක`ථගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් ක`ථගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට ක`ථගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මු`ථ ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

    ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව ප්‍රදේශීය රෝහල ජනතා අයිතියට පවරාදීම සහ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන්ම නව නගරයේ ඉදිකළ නව ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ක්‍රිඩාංගනය, වෙළෙඳපොළ, බස් නැවතුම්පොළ, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, තැපැල් කන්තෝරුව, සෞඛ්‍ය මධ්‍යස්ථාන, මහා මාර්ග පද්ධති ඇතු`ථ රාජ්‍ය සේවා හා ප්‍රජා යටිතල පහසුකම් ජනතා අයිතියට පවරාදීම මැති ඇමතිවරුන් අතින් අද සිදු කෙරිණි.

    මැති ඇමතිවරු රැසක් එම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    මෙම සියලු සංවර්ධන කටයුතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් සපිරෙන අද දිනයේ ජනගත කරන ලද්දේ, ජනතා හිත සුව පිණිස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිව් වසරක් පුරා ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ තවත් මහඟු ප්‍රතිලාභයන් ලෙසිනි.

     

    laggala janathawa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya