අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට කුඩා ව්‍යාපර සංවර්ධන අලෙවි ප්‍රදර්ශනයක්

    දෙසැම්බර් 12, 2018

    හම්බන්තොට දිස්ත්‍රක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද අලෙවි ප්‍රදර්ශනයක් 2018.12.09,10,11 යන තෙදින පුරාම අම්බලන්තොට නගරයේ පිහිටි ප්‍රා දේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

    මාගම්පුර ව්‍යවසාය 2018 අලෙවි ප්‍රදර්ශනය ලෙස නම්කර තිබූ මෙය දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සදහා සෑම වසරක් පාසා පැවැත්විණි.

    එම ව්‍යවසායකයින්ට දැනුම අවබෝධය ලබා දෙමින් ඔවුන්ට හොද වෙළද පොලක් සකසා දීමද තවත් අරමුණක් බව හම්බන්තොට දිස්ත්‍රක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රීම් රෝස් මහත්මිය පැවසුවාය.

    අවසන් දින මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා හම්බන්තොට දිස්ත්‍රක් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතා ද එක්විය.එම ව්‍යාපාරිකයින් සමග කතාබහ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලීන් ගැනද කරුණු විමසීය.මෙම අවස්ථාව සදහා සහකාර අධ්‍යක්ෂිකා ප්‍රීම් රෝස් මහත්මිය හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් පිරිසක්ද එක්විය.

     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - හම්බන්තොට - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya