අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ගොවීන් 37438 කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රු.මිලියන 415.47 ක ප්‍රතිලාභ

    දෙසැම්බර් 09, 2018

    කුරුණෑගල ගොවීන් 37438 කට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 415.47 ක ප්‍රතිලාභ ගෙවා ඇති බව කෘෂිරක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ. ආර්. ඒ. කේ. සී.කේමරත්න මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දි ප්‍රකාශ කළේ ය.

    මේ යටතේ ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම සදහා මාසිකව ගොවීන් 18554 ක් සදහා රුපියල් මිලියන 186.94 ක් ද , 2017 යල වගා වන්දි ගෙවීම සදහා ගොවීන් 15848 ට රුපියල් මිලියන 112.95 ක් ද , 2017 මහ රක්ෂිත නොවන ගොවීන් 1060 ක් සදහා රුපියල් මිලියන 5.72 ක් ද වශයෙන් ගෙවා ඇත.

    මහ කන්නය සදහා වන්දි ඉල්ලා සිටින සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අදාළ ගෙවිම්සි දුකර ඇති බවත්,මෙම කන්නයේ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අසමත් වූ ගොවීන් 1031 දෙනෙකු ඇති බවත් ඔවුන්ගේ ගෙවීම් අත්හිටුවා හෝ ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විද්‍යුත් තැපෑල වෙත යොමු කර ඇති බවත් ප්‍රකාශ කළේ ය.

    2018/19 මහ කන්නය සදහා සියලුම ගොවීන්ට අක්කරයකට රු.40000 ක නොමිලේ රක්ෂණාවරණයක් රජය මගින් ලබා දි ඇති අතර මෙය පොහොර සහනාධාරය ලබා ගන්නා ගොවීන්ට නියඟය , ගංවතුර හා වනඅලි හානි සිදු වූ ගොවීන්ට හිමිවේ. මීට අමතරව අතිරේක රක්ෂණාවරණයක් ද සිදු කරන අතර එහිදී වන සත්ව හානිය වෙනුවෙන් රුපියල් 400 ක මුදලක් ද කීඩෑ හානිය හා වෙනත් කෘමීන් වෙනුවෙන් රු.200 ක මුදලක් ද ගෙවා වගාව ආරම්භ කරන විට රක්ෂණය කළ යුතු බවත් කේමරත්න මහතා මෙහිදි ප්‍රකාශ කළේ ය.
    මාධ්‍ය ඒකකය- කුරුණෑගල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya