අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    වැඩිහිටියන් දහසක් සඳහා සෞඛ්‍ය සායනයක් ඔක්තොම්බර් මස 05 වන දා

    ඔක්තෝබර් 05, 2018

    නුවරඑළිය දිස්ත්‍රික් ලෝක වැඩිහිටි දින සැමරුම් උත්සවය සහ වැඩිහිටියන් දහසක් සඳහා පැවැත්වෙන සෞඛ්‍ය සායනයක් ඔක්තොම්බර් මස 05 වන දින නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

     

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උළෙල සඳහා නුවරඑළිය, වලපනේ,අඹගමුව,කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශවල වැඩිහිටි බලමණ්ඩල නියෝජනය කරමින් ජේෂ්ඨ පුරවැසියන් දහසක් පමණ සහභාගීවීමට නියමිතය.

    නුවරඑළිය නගරයේ සිට උදැසන 9.00 ට පාගමනතින් සිනිසිටා නගර ශාලාව වෙත ගොස් උත්සවය පැවැත්වීමට නියමිත අතර එයිදි වැඩිහිටි සමිති මගින් සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටද නියමිතය. උත්සව අවස්ථාවෙන් පසු වැඩිහිටියන් දහසක් සඳහා සෞඛ්‍ය සායනයක් පැවැත්වීමටද සැළසුම් කර ඇති බව දිස්ත්‍රික් සමාජ සේවා අංශය පැවැසීය.

    DMU/Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya