අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    කඩිනම් සංවර්ධන ව්‍යාපෘති 30840 ක් සඳහා රුපියල් කෝටි 1328 ලබා දී අවසන්

    ඔක්තෝබර් 05, 2018

    ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයින පුරා සිදු කරන කඩිනම් සංවර්ධන ව්‍යාපෘති 30840 ක් සඳහා රුපියල් කෝටි 1328 කට වැඩි මුදලක් ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය

    .
    රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.


    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.
    ග්‍රාමීය යටිතල පහසුකම් ඇතුළු කඩිනම් සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කල ගම්පෙරළිය  වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මාර්ග සංවර්ධනය, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, විදුලිය ලබාදීම, හරිත උද්‍යාන නිර්මාණය කිරීම, වැව් අමුණු ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදු කෙරේ.

     

    මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සෘජුව මුදල් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මෙම මුදල් දිවයින පුරා දිස්ත්‍රික්ක වෙත බෙදී ඇති ආකාරය පිළිබඳවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙසේ සඳහන් කළා.


    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘති 2638ක් වෙනුවෙන් රුපියල් මිලියන 1675.5ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1802ක් සඳහා රුපියල් මිලියන 988ක්ද, කුරුනෑගල දිස්ත්‍රික්කය සදහා ව්‍යාපෘති 1633ක් වෙනුවෙන් රුපියල් මිලියන 978ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 2985ක් සදහා රුපියල් මිලියන 799ක්,  දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1426ක් වෙනුවෙන් රුපියල් මිලියන 734ක් ලෙස ලබා දී ඇති බව අමාත්‍යවරයා පැවසිය.

     

    මිට අමතරව ගාලු දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1285ක් සඳහා රුපියල් මිලියන 670ක්, මාතර දිස්ත්‍රක්කයේ ව්‍යාපෘති 1357ක් සදහා රුපියල් මිලියන 597ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 1447ක් වෙනුවෙන් රුපියල් මිලියන 863ක්, ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ව්‍යාපෘති 2061ක් වෙනුවෙන් රුපියල් මිලියන 694ක්, කළුතර දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘති 1054ක් වෙනුවෙන් රුපියල් මිලියන 615ක්, පුත්තලම් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1081ක් වෙනුවෙන් රුපියල් මිලියන 468ක්, මාතලේ දිස්ත්‍රික්කය සදහා ව්‍යාපෘති 702ක් වෙනුවෙන් රුපියල් මිලියන 398ක්, යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 299ක් සඳහා රුපියල් මිලියන 278ක්, පොලොන්නරුව දිස්ත්‍රීක්කය වෙනුවෙන් ව්‍යාපෘති 3954ක් සදහා රුපියල් මිලියන 299ක්, ත්‍රීකුණාමළය සදහා ව්‍යාපෘති 270ක් වෙත රුපියල් මිලියන 297ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 169ක් සඳහා රුපියල් මිලියන 203ක්, නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන199ක් ව්‍යාපෘති 355ක් සඳහා මුදල් වෙන්කර තිබේ.


    එසේම හම්බන්තොට දිස්ත්‍රික් ව්‍යාපෘති 51ක් සඳහා රුපියල් මිලියන 100ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 876ක් සඳහා රුපියල් මිලියන 96.9ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 39ක් සදහා රුපියල් මිලියන 59ක්ද ද ලබා දී ඇත. මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 12 වෙනුවෙන් රුපියල් මිලියන 42ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 19ක් වෙනුවෙන් රුපියල් මිලියන 21ක්, වව්නියාව දිස්ත්‍රික්කය සදහා ව්‍යාපෘති 19ක් වෙනුවෙන් රුපියල් මිලියන 18ක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කළේ ය.


    මේ අතර නව ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957කට ණය ලබා දී තිබේ. රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය මුදල්වල මුළු වටිනාකම රුපියල් කෝටි 4917කට අධික බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සදහන් කළේය.


    2018 වසර සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2250ක් වෙන්කර තිබේ. ව්‍යාපෘති 14328ක් වෙනුවෙන් එයින් රුපියල් කෝටි 194ක මුදලක් පකෂ විපක්ෂ මන්ත්‍රීවරු වෙත ලබා දී ඇතිබවත් එය ප්‍රතිශතයක් ලෙස 86%ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව ග්‍රාමීය සංවර්ධනය සඳහා යොදවා ඇති සමස්ත මුදල කෝටි 6450කට අධික බව  රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya