අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කෘෂිකාර්මික සමුළුව ගන්නොරුවේ දී

    සැප්තැම්බර් 08, 2018

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කෘෂිකාර්මික සමුළුව  (06)දින පෙරවරුවේ ගන්නොරුවේ පිහිටි පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී  පැවැත්විණි.

    කීර්තිමත් කෘෂි විද්‍යාඥයෙකු වූ එම්.පී. ධනපාල මහතාට විශේෂ ගෞරව සම්මානයක් පිරනැමීම මෙහිදී සිදු විය. වැඩිම අස්වැන්නක් ලබා දෙන වී ප්‍ර භේදයක් වන BG 300 වී වර්ගය ලෝකයට හඳුන්වා දෙමින් එතුමා කළ සේවය අගයමින් මෙම සම්මානය ලබා දෙන ලදී.

    මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂ්‍රේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් අනාගතයේ දී විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි පර්යේෂකයන් රැසක්කෘ ෂිකර්මාන්තය තුළ සිටින බවයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම වගාකර, කෘෂිකාර්මික රටක් වශයෙන් ඒ සඳහා ලබාදිය හැකි සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

    අපේ රටේ කාලගුණික හා දේශගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන , වැඩි අස්වැන්නක් ලැබිය හැකි බෝග වර්ග හඳුන්වා දීම සම්බන්ධයෙන් රටේ ගොවි ජනතාවට තම කෘතඥතාවය පළ
    කරන බව ද අමාත්‍යවරයා කීය.


    මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙහි ආරම්භක දේශනය මහාචාර්ය ටැස්මේනියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොල්ගර් වේයින් මහතා විසින් සිදුකරනු ලැබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya