අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධි ආවදානම් ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ස්ථිර නිවාස

    සැප්තැම්බර් 07, 2018

    නායයෑම් අතුලු අධි අවධනම් ආපදා හේතුවෙන් අධි ආවදානම් ප්‍රදේශවල ජිවත්වන ජනතාවට ස්ථිර නිවාස ලබා දිමේ රජයේ වැඩ පිළිවල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිවාස 861 ක් සැදීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා පැවසීය.

    වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා සහන සැලසිම සම්බන්ධව පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්
    කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසිය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වලපනේ, නුවරඑළිය, අඹගමුව, හඟුරන්කෙත සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 05 ට අයත් ග්‍රාම සේවා වසම් 78 ක පිඩාවට පත් පවුල් සඳහා මෙලෙස ස්ථීර නිවාස ලබා දිම නියමිතය.

    දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදි තවදුරටත් පෙන්වා දුන්නෙ වතු ආශ්‍රිත ගම්මාන වල පවුල් 340 ක් ද, මේ අතර වන බවය.

    මෙහිදි අදහස්‍ දැක්වු වාරරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා සදහන් කළේ, ඉඩමක් සහිතව නිවසක් ඉදිකර ලබාදීමට රුපියල් ලක්ෂ 12ක් ලබාදීමට කටයුතු කරන අතර ,වෙනත් ප්‍රදේශයක තමන් විසින් ඉඩමක් මිලදි ගෙන නිවසක් ඉදිකරන්නේ නම් රුපියල් ලක්ෂ 16 ක් ගෙවීමට රජය තිරණය කර ඇති බවය.

    DMU/Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya