මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ කෘෂි ඇල මාර්ග,අමුණු රැසක් ප්‍රතිසංස්කරණය කෙරේ

    සැප්තැම්බර් 12, 2018

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ගොවිතැන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ.

    මේ යටතේ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 36ක ප්‍රතිපාදනයක් රජය මගින් ලබා දී ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙදි සඳහන් විය.


    මේ යටතේ අමුණු ව්‍යාපාති 05ක් ක්‍රියාත්මක වේ. රුපියල් මිලියන 12ක් මෙම කර්මාන්ත 05 වෙනුවෙන් ලබා දී තිබේ. රට තුළට ජල මාර්ග ඔස්සේ ලවණ ජලය ඇතුල්වීම පාලනය කිරීම සඳහා බෙන්තර පහළ ගම් හය ගොවිජන සේවා කොට්ඨාශයේ බෙන්තර වී පර්යේෂණ ආයතන භූමිය තුළ අමුණක් ඉදි කිරීමට ද නියමිතය.

    නාගොඩ ඌරල දඬුවන අමුණ යාන්ත්‍රික දොර අළුත්වැඩියා කිරීම ද, තවලම ඔපාත ක්ෂුද්‍ර වාරි යෝජනා ක්‍රමය සංවර්ධනය ද , හික්කඩුව පිංකන්ද පන්විල හීන් ඇළ සංවර්ධනය ද මෙහි අනෙකුත් ව්‍යාපෘති වේ.

    බෙන්තර කඳන්ගොවිපළ ඇළ ,කරන්දෙණිය නාගස්ගොඩැල්ල ඇළ, හබරාදුව දන්කැටිය ඇළ , ඇල්පිටිය දික්හේන පහළ මරාදෙ ඇළ සංවර්ධනය කිරීම ඇතුළු ඇළ මාර්ග ව්‍යාපෘති 05ක් රුපියල් මිලියන 12ක් වියදමින් සංවර්ධනය කිරිමට නියමිත බව කෘසි කර්ම කමිටුවේදි සඳහන් විය.

    කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් , යටිතල පහසුකම් සංවර්ධනය යටතේ කෘෂි මාර්ග සංවර්ධනය කිරීමද සිදු වේ. වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය හා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුළ සුරිය ඇළ යාය කෘෂි පාර, නවදගලයාය කෘෂි පාර, අන්දුගොඩ වලව්වදෙණිය කෘෂි පාර, මේ යටතේ සංවර්ධනය කෙරෙන අතර රුපියල් මිලියන 12ක් මෙම කෘෂි මාර්ග සංවර්ධනය වෙනුවෙන් වැය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya