අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''කෑගලු අභිමන්'' වෙළෙඳ ප්‍රදර්ශනය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ට හොඳ අවස්ථාවක්

    සැප්තැම්බර් 04, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසාකයින් වෙත වෙළෙඳ පල අවස්ථාවන් නිර්මාණය කර දීමේ අරමුණින් පසුගිය දා පැවැත් වූ කෑගලු අභිමන් - 2018 තුන් දින වෙළෙඳ ප්‍රදර්ශනය දිස්ත්‍රික්කයේ ව්‍යවසාකයන් සඳහා හොඳ අවස්ථාවක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ව්‍යවසායකයන් ඒකරාශී කර ගනිමින් පැවැත්වූ මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායකයින් 180 ක් පමණ සහභාගී වී සිටි අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් හිමිව තිබේ. ඔවුන් අතරින් කිහිප දෙනෙක් සඳහා විදේශ වෙළඳපල අවස්ථාවන් හිමිවූ අතර තොග ඇණවුම් සඳහා ද අවස්ථාව හිමිව තිබේ.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වෙළඳ ප්‍රදර්ශයේ නිමි ඇඳුම් හා රෙදි ආශ්‍රිත නිෂ්පාදන, කම්මල් ආශ්‍රිත නිෂ්පාදන, අත්කම් හා මැටි භාණ්ඩ, පාවහන් හා බෑග් වර්ග, කිරි ආශ්‍රිත නිෂ්පාදන, විසිතුරු මල් හා පැල වර්ග, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන, කාබනික නිෂ්පාදන හා පොහොර, දේශී්‍ය අල වර්ග, නැවුම් පළතුරු හා එළවළු යනාදි නිපැයුම් රාශියක් මිලට ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබිණි.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya