අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියට සමගාමීව දැනුම්වත් කිරීමේ වැඩසටහන්

    සැප්තැම්බර් 04, 2018

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍ර‍ධාන තොරතුරු තාක්ෂණ  ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ  හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට
    ඇත.

    එය 2018 සැප්තැම්බර් (4) අද  හා (5 ) හෙට වන දිනවල මාතර දී පැවැත්වේ.


    මෙහි දී තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) කර්මාන්තයේ විශේෂඥයන් රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් 350 ක් සහ දකුණු පළාතේ දේශීය ව්‍යවසායකයින් 150 ක් දැනුවත් කිරීම සඳහා කටයුතු කෙරේ. ව්‍යවසායකයින් සඳහා වූ වැඩමුළුව සැප්තැම්බර් මස 4 වන දින පෙ. ව 9.00 ට මාතර Grand Navro හෝටලයේ දී පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා වැඩමුළුව සැප්තැම්බර් මස 5 වන දින පෙ. ව 9 .00 ට රුහුණ විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.


    මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කොළඹින් පිටත  ප්‍රාදේශීය නගරවල ව්‍යසායකයින් සහ උපාධි අපේක්ෂකයින්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා පෝෂණය කිරීම හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ළඟා කරවීම සඳහා මඟපෙන්වීමයි. මෙම ව්‍යාපෘතිය සඳහා සංවර්ධනඋයමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය (MODSIT)  සමගින්  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS)  යන ආයතන  සහයෝගයෙන් කටයුතු කරති.

    කලාපීය ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය සඳහා ජාතික අපනයන සැලසුම යටතේ "දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) සතිය" යනු  මෙහි  එක් වැඩසටහනක් වන අතර මෙයට පෙර වසරවලදී උතුරු පලාත සහ මධ්‍යම පළාත ආවරණය වන පරිදි දැනුම්වත්කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

    ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයන් වන වර්චුසා (Virtusa) හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි මධු රත්නායක මහතා , SLASSCOM හි හිටපු සභාපති රුවින්ද්‍ර පීරිස් මහතා, SLASSCOM වත්මන් සභාපති ජීවන් ඥානම් මහතා, Calcey Technologies හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න‍ මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අනෙකුත් ආයතනවල නිලධාරීන්  මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya