මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ අතිරේක රෙජිස්ට්‍රාර්වරු 15 කට ලැප්ටොප් පරිගණක පිරි නමයි

    සැප්තැම්බර් 03, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15 ක සේවය කරන අතිරේක රෙජ්ස්ට්‍රාර්වරුන් සදහා ලැප්ටොප් ලබා දීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සේවය කරන අතිරේක රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවය අගයමින් ඔවුන්ගේ මහජන සේවාව තව දුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම ලැප්ටොප් ප්‍රදානය සිදු කරනු ලැබූ බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉතිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05 ක සේවය කරන ඉතිරි රෙජිස්ට්‍රාර්වරුන්ට සහ ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සේවය කරන අතිරේක රෙජිස්ට්‍රාර්වරුන්ට ඉදිරියේදී ලැප්ටොප් පරිගණක ලබා දීමට කටයුතු යොදන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීම සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති තරගාවලියේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේදී මෙම ලැප්ටොප් ප්‍රදානය සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya