අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ආදර්ශ ගම්මාන 06ක වැඩ අරඹයි

    සැප්තැම්බර් 03, 2018

    වත්මන් රජයට තෙවසරක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැප්තැම්බර් 05 වෙනි දින දිවයින පුරා ආදර්ශ ගම්මාන 128ක ඉදිකිරිම් ආරම් කිරීමට පියවරගෙන තිබේ.

    මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන 6ක වැඩ එළඹෙන සැප්තැම්බර් 05 දින ආරම්භ කිරීමට නියමිතය. නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩ සටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාවස තුනක මෙම ආර්ශ ගම්මාන 6 ඉදිකෙරේ. දඹුල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ කඩවලයාය, ඉකිරියායපාර, හරක්ඇරවුයාය යන ගම්මාන තුනේ හා පල්ලේපොල දෙමදඔය හා නිලන්නෝරුව යන ගම්මාන දෙකේ ආදර්ශ ගම්මාන වැඩ ඇරඹිමේ සමාරම්භය සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ හා ප්‍රියාන් විජේරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ. විල්ගමුවේ අගල්ගොල්ල යන ගම්මාන කෙන්ද්‍රකරගනිමින් ඉදිවන නව ආදර්ශ ගම්මානයේ සමාරම්භය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya